ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 28-01-2023 | 6:34 AM


දේශීය පුවත් 

1. උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් – උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙනයාම සුදුසු බව දන්වමින් ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම්දී තිබේ.
 
2.අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම – අනවසර විදුලි කප්පාදුවක් සිදුකරනුයේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට දැනුම් දෙයි.

3.නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම – පෙබරවාරි 04 වැනිදා කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු අද (28) ආරම්භ වේ.  

4.පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..–ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට  පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබේ. 

5.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්.. – 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල‍ය එකඟ වූ බව ජනපති පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.  

විදෙස් පුවත් 

1.මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන.. – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.