අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි...

අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි...

by Staff writer 28-01-2023 | 8:30 AM

COLOMBO (News 1st) – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව් .ඒ චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. 

ජනාධිපති ලේකම්වරා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

මාස 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. 

මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම් ඩබ්ලිව්. එස්.සමරදිවාකර මහතා පත් කර තිබේ.