මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

කර්තෘ Staff writer

28 Jan, 2023 | 6:50 am

 COLOMBO (News 1st) – මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. 

එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර , ඉල්ලා අස්වූ බවට කිසිදු සාමාජිකයෙකු මෙතෙක් තමන් වෙත ද නිල වශයෙන් දැනුම්දී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.  

ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පලවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ය.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]