මැතිවරණ වියදම් නියාමන පනතට කතානායකගේ අත්සන..

මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..

by Staff writer 27-01-2023 | 5:22 PM

COLOMBO (News 1st) - මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත සහ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ.