ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 27-01-2023 | 7:01 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01.ව්‍යාජ ‍ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ‍ලොතරැයි පත් තොගයක් සමග කුරුණෑගලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

02.දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.

03.නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.

නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයයේ රී-යූනියන් දූපත වෙත ඇතුල්වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් නැවත මෙරටට එවා තිබේ.

04.ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී

 සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජිව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ  නියෝග කළේ ය. 

05.මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති

 තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබේ.

විදෙස් පුවත් 

01.යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි... රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි...

යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි.