ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. - ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

by Staff writer 27-01-2023 | 10:15 PM

COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙනයාම සුදුසු බව දන්වමින් ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම්දී තිබේ.

උතුරු නැගෙනහිර මෙන්ම රටේ සෙසු පළාත්වලත් පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුත්ක කර ඇති ආරක්ෂා හමුදා නිලධාරීන් ද අවශ්‍යතාවන්ට අනුරූප පරිදි එම සිද්ධස්ථාන ආශ්‍රිතව යොදවීම යෝග්‍ය බව එහි වැඩිදුරටත් දැක්වේ.