අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න - PUCSL

අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න - මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 27-01-2023 | 10:10 PM

COLOMBO (News1st) - අනවසර විදුලි කප්පාදුවක් සිදුකරනුයේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට දැනුම් දෙයි.

මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ 077 56 87 387 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවඩයක් ලෙස හෝ 0112 39 26 41 යන දුරකතන අංකයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ සිදු කරන කිසිදු විදුලිය කප්පාදු කිරීමකට සිය කොමිසම අනුමැතිය ලබා දී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඊයේ දැනුම් දුණි.