.webp)
අද මධ්‍යම රාත්‍රියේ වාරාවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන්නේ පෙබරවාරි 8 වැනිදා පෙරවරු 10ට ය.
මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවූවද ඔවුන් සිය ධූරයේ රැඳී සිටී.
වාරාවසාන කිරීමක බලපෑම වන්නේ, පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගුවීම ය.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතුය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පිළිවෙළින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය.
ඒ අනුව,
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ, ස්ථාවර නියෝග, ගෘහ්‍ය, ආචාර ධර්ම සහ වරප්‍රසාද, ව්‍යවස්ථාදායක ස්ථාවර, අමාත්‍යංශයීය උපදේශක, රජයේ ගිණුම්,
පොදු ව්‍යාපාර, රාජ්‍ය මුදල් මහජන පෙත්සම් සහ පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභා නැවත ස්ථාපිත කල යුතුය.