ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 26-01-2023 | 8:05 AM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං මගින් සහ අකුණු මගින් ඇති බව අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.