දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

by Staff writer 26-01-2023 | 11:18 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, බෝට්ටුව අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බවයි.

ඔවුන් සිය ජීවිත බේරාගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු එලෙස අද අලුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට ගොස් ඇත.