ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී

by Staff writer 26-01-2023 | 12:57 PM

COLOMBO (News 1st) - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජිව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. 

ඒ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයින් දෙදෙනෙකු වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ට කොමිෂන් සභාව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය තුළදී සාපරාධි බලහත්කාරකම් පෑම හා බිය ගැන්වීම යන චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවට අදාළවයි.