යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි… රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි…

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි… රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි…

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි… රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි…

කර්තෘ Staff writer

26 Jan, 2023 | 7:31 am

COLOMBO (News 1st) – යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි.

අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජර්මනිය සහ පෝලන්තය ද අධිතාක්ෂණික යුද ටැංකි යුක්‍රේනයට ලබාදීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, ජර්මනිය යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ගත් තීරණය අතිශය භයානක බවයි.

එය රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් නව තලයකට ඇද දමන බව ද ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]