English
தமிழ்
කර්තෘ Staff writer
26 Jan, 2023 | 8:04 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා හා එම සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ සිව්දෙනා එම ධූරවලින් ඉවත් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2020 නොවැම්බර් 27 වැනිදා නිකුත් කර තිබූ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද(26) රීට් ආඥාවක් නිකුත් කළේ ය.
මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, සුනිල් රත්නප්‍රිය, යු.එච් ගුණසේකර ,නාරද දිගගාමිණි, පුෂ්පික දර්ශන සහ සුනිල් ධර්මප්‍රිය යන මහත්වරුන් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම් 02 ක් සලකා බැලූ මොහොමඩ් නතාර් හා එස්.යු.බී කරලියද්ද යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේ ය.
එම පෙත්සම්කරුවන් ඉවත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කළ මහාචාර්ය වජිර දිසානායක මහතාට හා මහාචාර්ය බන්දුල විජේවර්ධන, දිල්රුක්ෂි රුබේරු හා වජිර සෙනාරත්න යන සෙසු සමාජිකයින්ට තවදුරටත් එම ධූරවල කටයුතු කිරිම වළක්වමින් ද විනිසුරුමඩුල්ල තවත් රීට් ආඥාවක් නිකුත් කළේ ය.
පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව කිසිදු වග විභාගයකින් තොරව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පෙත්සම්කරුවන් තනතුරුවලින් ඉවත් කරීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි නීතී විරෝධී ක්‍රියාවක් බවට විනිසුරුමඩුල්ල නිගමනය කළේ ය.
ඒ අනුව පෙත්සම්කරුවන් විසින් තම අධිකරණයෙන් කළ ඇති ඉල්ලීම්වලට අවසර ලබාදීමටත්, වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් නඩු ගාස්තු අයකර ගැනිමට පෙත්සම්කරුවන්ට අයිතියක් ඇති බවටත්, විනිසුරු මඬුල්ල නිගමනය කළේ ය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා පෙනී සිටි අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය යන මහත්වරුන් පෙනී සිට ඇති බව සඳහන් ය.
වගඋත්තරුකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ,ජනාධිපති නවෙන් මාරපන යන නිතීඥවරුන් පෙනී සිටියේ ය.
31 Mar, 2023 | 09:58 PM
31 Mar, 2023 | 07:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS