නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.

නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.

නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.

කර්තෘ Staff writer

26 Jan, 2023 | 6:10 pm

COLOMBO (News 1st) – නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයයේ රී-යූනියන් දූපත වෙත ඇතුල්වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් නැවත මෙරටට එවා තිබේ. 

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පළමුව පසුගිය වසරේ දෙසැම්බර් මස පළමු වැනිදා මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි.

ඉන්පසු දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හීදී පුත්තලම , බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 03ක් යොදා ගනිමින් පුද්ගලයින් 64 දෙනෙකු සමග පළමුව බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා වෙත ඇතුළුවීමට උත්සාහ කර තිබේ.  

එහිදී දෙසැම්බර් මස 30 වන දින ඔවුන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ‍ගෙන නැවත පිටුවහල් කර ඇති බව සඳහන් ය.

පසුව, මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ගොස් ඇති අතර, එහිදී රී-යූනියන් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.  

අනතුරුව, මෙම නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රී-යූනියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් පුද්ගලයන් 38 දෙනෙකු මෙලෙස නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය. 
    
එලෙස පැමිණි පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ වසය අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් දෙදෙනෙක් හා එක් ගැහැණු ළමයෙකු සිටී. 

ඔවුන් යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රීකුණාමලය, මඩකලපුව පුත්තලම, මීගමුව සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචකරුවන් ය.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

මෙම ජාවාරම මෙහෙයවූ කල්පිටිය සහ මහනුවර ප්‍රදේශයන්හි පදිංචි ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ගෙන් රුපියල් ලක්ෂ 4 සිට රුපියල් මිලියනය දක්වා මුදලක් ලබා ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]