චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි

චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි

චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි

කර්තෘ Staff writer

26 Jan, 2023 | 3:49 pm

COLOMBO (News 1st) – චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබේ. 

චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමේ වැඩපිළිවළට ද සහය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හැකි පමණින් උදව් කරමින් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශය පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]