සතොස, අත්‍යවශ්‍යය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ..

සතොස, අත්‍යවශ්‍යය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ..

by Staff writer 25-01-2023 | 8:57 PM

COLOMBO (News 1st) - හෙට(26) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,700 ක් වන අතර, දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 169 කි.

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 179 කි.

දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 184 ක් දක්වා පහත දමා තිබේ.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 365 කි.

කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 235 ක් බව ලංකා සතොස නිවේදනය කළේ ය.