මහ බැංකුවෙන් නිවේදනයක්

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

by Staff writer 25-01-2023 | 8:55 AM

COLOMBO (News 1st) - වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 

ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය  14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය. 

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.