.webp)
පොලිස්පතිවරයාගේ එම නියෝගය නීති විරෝධී බවත්, එලෙස කිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න යන මහත්වරු අද අධිකරණයේදී කරුණු පෙන්වා දුන් හ.
අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට තම අධිකරණය නියෝග කළත් එය මෙතෙක් සිදුකොට නොමැති බවද අද අධිකරණයේදී අනාවරණය විණි.
අදාළ විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයක් කළ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ සටහන් කිරීම ඇතුළු නියෝග ප්‍රමාද කිරීමට හෝ මගහැරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
එම කටයුතු ප්‍රමාද කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නිසි පියවර තම අධිකරණය විසින් ගනු ලබන්නේ යැයි ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතාට කර ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේ ය.
පසුගිය ජූලි 9 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම, ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ය.
වසන්ත මුදලිගේ මහතා ඇතුළු හැත්තෑ තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.