.webp)
COLOMBO (News 1st) - නාවික හමුදාව රුපියල් මිලියන 16 කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (තෙත බර සහිත) සමග ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි.
නාවික හමුදාව එහිදී ඩිංගි යාත්‍රාවේ තිබී උරයක් තුළ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (තෙත බර සහිත) සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මුහුදට දමා තිබූ තවත් උරයක් සොයා ගෙන තිබේ.
එහි තිබී පාර්සල් 11 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 29 ක පමණ තොගයක් එහිදී නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
ගංජා සමග නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති සැකකරුවන් තිදෙනා 25 ත් 42 ත් අතරේ වයසේ පසුවන යාපනය මණ්ඩතිව් සහ තාලයඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය .