.webp)
COLOMBO (News 1st) - බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර ,නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර හා ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු හා තාවකාලිකව හමන තද සුළං පිළිබඳ ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද කාලගුණ අණාවැකියේ සඳහන් ය.