English
தமிழ்
කර්තෘ Staff writer
25 Jan, 2023 | 4:08 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති සුපිරි 6 දෙනාගේ වටයේ තරගය එක් ලකුණකින් පරාජය වීමත් සමගයි.
දකුණු අප්‍රිකාව සත්කාරකත්වය දරන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එහි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 85කදී බිඳ වැටිණ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ කයිලා රෙයිනෙකේ ලකුණු 43ක් රැස් කළ අතර විදූෂිකා පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලූ අතර දෙව්මි විහංගා කඩුලු 2යි.
.
ඒ අනුව දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළහ.
ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.
දෙව්මි විහංගා පන්දු 23කදී ලකුණු 37ක් රැස් කළ අතර ඊට 6 යේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.
නෙත්මි සේනාරත්න ලකුණු 36ක් රැස් කළ කළේ ය.
කයිලා රෙයිනෙකේ කඩුලු 2යි.
ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ සහභාගී වූ සියලු තරග පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ ය.
28 Mar, 2023 | 09:24 AM
27 Mar, 2023 | 03:04 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS