රියැදුරෙක් බෝතලයකින් පහර දී කොන්දොස්තර ඝාතනය කරයි

රියැදුරෙක් බෝතලයකින් පහර දී කොන්දොස්තර ඝාතනය කරයි

by Staff writer 24-01-2023 | 5:37 PM

COLOMBO ( News 1st ) - මොනරාගල සිට කටුනායක දක්වා පැමිණි ලංගම බස් රථයක, රියැදුරු කළ පහරදීමකින් එම බස් රථයේ කොන්දොස්තරවරයා මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (23) රාත්‍රියේ රියැදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය කටුනායක විහාරස්ථානයක නවතා තබා ඇති බවයි.

ඊයේ (23 ) රාත්‍රියේ ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව රියැදුරු කොන්දොස්තරවරයාට බෝතලයකින් පහර දී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

බෝතල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනුර පවන් කුමාර නැමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා කටුනායක පොලීසිය වෙත පැමිණ, පැමිණිල්ලක් කර මීගමුව මහරෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්  වී ඇති අතර

මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද (24) උදෑසන ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පහරදීම සිදු කළ 36 හැවිරිදි බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.