රබර් ෂීට් මිලදී ගැනීම යළි සීමා වෙයි

රබර් ෂීට් මිලදී ගැනීම යළි සීමා වෙයි

by Staff writer 24-01-2023 | 8:33 AM

COLOMBO (News 1st) - රබර් ෂිට් මිලදී ගැනීම නැවත සීමා කර ඇති බව රබර් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන මහතා සඳහන් කළේ, අපනයනික රබර් ෂිට් සීමා වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

එහිදී ආර්ථික අර්බුදය හා දේශීය ටයර් නිෂ්පාදනය සීමා වීම තුළින් මෙම අර්බුදය උග්‍ර වි ඇති බව ඔහු සඳහන් කළේ ය.

තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ රබර් මිල වැඩි වීම මත ඉදිරියේදී රබර් මිල ඉහළ යා හැකි බවයි.