මුජිබර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුජිබර් රහුමාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 24-01-2023 | 7:10 PM

COLOMBO ( News 1st ) - ඇප මුදල් භාර නොගන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න නිකුත් කළ චක්‍රලේඛයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (24) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ, කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, කැබිනට් මණ්ඩලය, නීතිපතිවරයා, සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් ප්‍රමුඛ 35 දෙනෙකු නම් කොට තිබෙන අතර මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කොට තිබිය දී නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ එම චක්‍රලේඛනය නිසා තමන්ගේ පමණක් නොව පුරවැසියන්ගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව අදාළ  පෙත්සමේ සඳහන් ය.

ඒ සඳහා රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන ලෙසත්, පෙත්සම්කාර මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.