.webp)
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් දිය හැකිද නැද්ද යන්න දන්වන්නැයි, මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ලිපිය යොමු කර ඇති බවයි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට වැයවන මුදල රුපියල් බිලියන 10 ක් බවට ගණන් බලා තිබේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බවයි.
මේ අතර, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි.
එහිදි ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් දැනුවත් කරනු ඇති.