.webp)
COLOMBO (News 1st) - පසුගිය 18 වැනිදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද ඉල්ලා අස් කර ගැනිණ.
නිතීඥවරුන් පිරිස එදින විරෝධතාවයේ නිරත වුනේ, නිතීපති දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අයුතු බලපෑම් සිදුකළේ, යැයි පවසමිනි.
ඊට සහභාගී වූ නිතීඥවරුන් තුන්දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ බී වාර්තාව ගොනු කර තිබිණ.
එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිසියට නියම කර තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
කෙසේ වෙතත්, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තාව සම්බන්ධ වැඩිදුර පියවර නොගෙන ඉල්ලා අස්කරගැනීමට අවසර පතන බවයි.
ඊට ඉඩ දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අදාළ නඩු කටයුත්ත අවසන් කළේ ය.