.webp)
COLOMBO (News 1st) - මෙතෙක් පැය 2 යි විනාඩි 20 ක් වූ දෛනික විදුලිය කප්පාදුව පැය 2 ක් දක්වා සීමා කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ, මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි.
කැබිනට් ප්‍රකාශකවරයා පැවුසවේ, උසස් පෙළ විභාගය හේතුවෙන් එලෙස දෛනික විදුලිය කප්පාදුව පැය 2කට සීමා කරන බවත්, එය පස්වරු 4 න් පසු සිදුකරනු ඇති බවත් ය.