පොලී අනුපාත ඉහළ දැමීම මහජන බැංකුව අත්හිටුවයි

ණය පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව ගත් තීරණය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 24-01-2023 | 5:04 PM

COLOMBO ( News 1st ) - මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. 

වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා  15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කරනු ලැබුවේ, පසුගිය 30 වැනිදායි. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා  වන පොලී අනුපාත  15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.