ICC T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු

ICC නම් කළ 2022- T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු හසරංග

by Staff Writer . 23-01-2023 | 4:38 PM

COLOMBO ( News 1st ) –  වනිඳු හසරංග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. 

2022 වසර තුළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ දැක් වු දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර 20යි 20  කණ්ඩායම ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ද එම කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ. 

ඔහු පන්දුවාර 20යි 20  පිටියේ තරග 55කදී කඩුලු 89ක් දවාගෙන ඇති අතර  මැදපෙළ පිතිකරුවෙකු ලෙස රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 503 කි. 

2022 වසර සඳහා නම් කළ  කණ්ඩායමේ නායකත්වය එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිව ඇති අතර පකිස්ථානයේ මොහොමඩ් රිස්වාන්, ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ඇතුළු සුපිරි ක්‍රීඩකයෝ ද ඊට ඇතුළත්ව සිටිති.