සත්‍යලීලාට මරණ දඬුවම...

සෙල්වකුමාරි සත්‍යලීලාට අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම...

by Staff writer 23-01-2023 | 10:24 PM

COLOMBO (News 1st) - 2004 වසරේ ජූලි මස 07 වැනිදා කොල්ලුපිටියේ දී එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්ද මහතාගේ කාර්යාලයේදී බෝම්බයක් පුපුරුවාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට ජයරාණි නමැති බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය කර මහාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවා තිබූ සෙල්වකුමාරි සත්‍යලීලා නමැත්තියට අභියාචනාධිකරණය අද(23) මරණීය දණ්ඩනය නියම කළේ ය.

එම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වහාම වරෙන්තු නිකුත් කරන ලෙසට ද සම්පත් අබේකෝන්, පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණයට නියෝග කළේ ය.

මහාධිකරණය විසින් ලබාදෙනු ලැබූ පෙර කී දණ්ඩන නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම දඬුවම් නියම කරනු ලැබීය.