විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට..

විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට..

by Staff writer 23-01-2023 | 11:40 AM

COLOMBO ( News 1st ) –  මහව, උක්වත්තේගම ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඒ, කුකුළු ගොවිපොළක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ය.

මියගොස් ඇත්තේ, මැදගම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.