.webp)
COLOMBO ( News 1st ) – බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අතර මරණ දඬුවම නියමවූ රැඳවියෙක් ද සිටී.
කලා විෂය ධාරාව යටතේ ඔවුන් විභාගයට පෙනී සිටින්නේ නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදීයි.
මීට අමතරව යාපනය බන්ධනාගාරයේ රඳවා ඇති සැකකරුවෙකු ද, පිටතින් අයදුම්කළ අපේක්ෂකයෙකු ලෙස මෙවර විභාගයට පෙනී සිටින බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ, චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදියී.