තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්..

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්..

by Staff writer 23-01-2023 | 6:40 AM

COLOMBO (News 1st) – මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින්(23) අවසන් වෙයි. 

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ , අදත් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවයි.

ඒ සඳහා තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට තැපැල් අයැදුම්පතක් භාරදිය හැකියි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි තැපැල් ඡන්ද අයැදුම්කරුවෙකුට, සිය අයැදුම්පත්‍රය රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යලය වෙත අද ලබාදිය හැකි ය. 

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එලෙස ලැබෙන අයැදුම්පත්‍, කඩිනමින් අදාළ මැතිවරණ කාර්යාලය වෙත යොමුකිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර , පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. 

පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව එයයි.

එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇති.