.webp)
COLOMBO (News 1st) – චීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය බෙදාහැරීමට රුපියල් මිලියන 122 ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඩීසල් තොගය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බවුසර් මගින් දිවයින පුරා බෙදා හරින බවයි.
අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියෙකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන නොමිලේ ලබාදෙයි.
ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටයාරයක් වගා කරන ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය, ලීටර් 15 කි.