කැලිෆෝනියාවේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මරුට..

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ජීවිතක්ෂයට

by Staff writer 23-01-2023 | 7:23 AM

COLOMBO ( News 1st ) - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව  තිබේ.

එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, සැකකරු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවයි.

ඔහු වයස අවුරුදු 30 - 50 ත් අතර වයසේ පසුවන ආසියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු බවට, මේ වන විට අනාවරණ වී තිබේ.

වෑන් රථයකින් පැමිණි සැකකරු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරට කාන්තාවන් පස් දෙනෙකු ඇතුළත් ය.

වෙඩි තැබීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ අතර චීන අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් දහස් ගණනක් ජනතාව කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේ නගරයට රැස්ව සිටි අවස්ථාවක ව්‍යාපාරික ස්ථානයක් ආසන්නයේ  මෙම වෙඩි තැබීම සිදුවිය.