නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ගාලුමුවදොරට

නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ගාලුමුවදොරට

කර්තෘ Staff writer

23 Jan, 2023 | 2:04 pm

 

COLOMBO ( News 1st ) – රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු  පිරිසක් අද (23)  ගාලුමුවදොරට පැමිණියහ.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු  පිරිස ගාලුමුවදොර පිටිය අසළ දී නිදහස් සැමරුම වෙනුවෙන් ඉදිවෙන ඉදිකිරීම් වලට කලු පටි බැඳ විරෝධය පළ කළහ.

මේ අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු  විරෝධතාකරුවන් මාර්ගයේ අනෙක් පසට ගොස් විරෝධතාවය පළ  කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]