.webp)
-518052.jpg)
COLOMBO (News 1st) - ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ දී රැස්වීමට නියමිතය.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පූර්ණ සභාවක් ලෙස රැස්වීමේ හැකියාව පවතින බව ය.
ඒ අනුව ප්‍රමාද වී ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයින් පත් කිරීම කඩිනමින් සිදු කරන බව, එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් ලෙස, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කිරීමට පසුගියදා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.
