.webp)
COLOMBO ( News 1st ) – නානුඔය, රදැල්ල සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරු පෙබරවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහු අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පෙරේදා රාත්‍රියේ නුවරඑළියේ සිට කොළඹට පැමිණෙමින් තිබූ බස් රථය, දික්ඔයේ සිට නුවරඑළිය බලා ගමන් ගත් වෑන් රථයක හා පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අසළ ප්‍රපාතයට ඇදීගොස් මෙම අනතුර සිදුවිය.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් ළමුන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අතර තුවාල ලැබු පුද්ගලයින් 3 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර, නානුඔය , රදැල්ල හරස් මාර්ගයේ බර වාහන ධාවනය තවදුරටත් තහනම් වන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද අනතුර වූ මාර්ගය අද(22) නිරීක්ෂණය කිරීමට නියමිත බවයි.