ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි

by Staff writer 22-01-2023 | 3:40 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුතු විසින් සිය පියා ඝාතනය කර තිබේ. 

පොලීසිය සඳහන් කළේ, 82 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

පුද්ගලික ආරවුලක් දුරදිග යෑම ඝාතනයට හේතු වී තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) සිදු කිරීමට නියමිත ය.