.webp)
COLOMBO ( News 1st ) – අනිද්දා (24)සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා මහනුවර මාර්ගයේ වරකාපොළ - අඹේපුස්ස අතර කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, කාපට් ඇතිරීමට නියමිත බැවින් එලෙස ධාවනය සීමා වන බවයි.
එමෙන්ම එම කාල සීමාවේ මෙම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
ඒ අනුව මහනුවර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර මීරිගම හරහා පස්යාලට හන්දියට පිවිස හෝ කෑගල්ලට පැමිණ පොල්ගහවෙල , අලව්ව මීරිගම හරහා පස්යාල හන්දියට පිවිස කොළඹ දෙසට ගමන් කල හැකි ය.
කොළඹ සිය මහනුවර දෙසට ගමන් කිරීමේදී පස්යාල හන්දියෙන් මීරිගම හරහා කුරුණෑගලට පැමිණ මහනුවර දෙමට ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කළේ ය.