.webp)
ඒ අනුව අදාල අත්හිටුවීම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නියෝජිතයින්ට සහ මෙරට අන්තර් සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමට අයිතියක් නැති බවට එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සාමාජිකයන්ට හෝ නිලධාරීන්ට, අන්තර් ජාතික පාපන්දු සම්මේලන හෝ ආසියානු පාපන්දු සම්මේලනයේ කිසිදු සංවර්ධන වැඩසටහනකට, පාඨමාලාවකට හෝ පුහුණුවකට සම්බන්ධ විය නොහැකි බවද එහි සඳහන් වේ.
එමෙන්ම මෙම අත්හිටුවීම පවතින කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග කිසිදු ක්‍රීඩා සබඳතාවයක් ඇති කර නොගන්නා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සිය සාමාජිකයන්ට දැනුම් දී තිබේ.