COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් බවට පත් කිරීමට සියලු පාර්ශ්වයන් මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය ලබා දිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.