පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා - ජාතික මැතිවරණ කොමිසම

by Staff writer 21-01-2023 | 3:29 PM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කළේ ය.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන්නේ ය.