නානුඔය අනතුරින් තුවාල ලැබූ 53ක් තවදුරටත් රෝහලේ..

නානුඔය මාරක රිය අනතුරින් තුවාල ලැබූ 53ක් තවදුරටත් රෝහලේ

by Staff writer 21-01-2023 | 6:40 AM

COLOMBO (News 1st) – හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ, එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි.

කොළඹ, තර්ස්ටර් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එම අනතුර සිදුවුණේ ඊයේ රාත්‍රියේ ය.

එහිදී පුද්ගලයින් 7 දෙනෙකු මිය ගියේ ය.

මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ. 

මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන්  ය.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි.