නවසීලන්තය පරදවමින් ඉන්දියාවට ජය..

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

by Staff writer 21-01-2023 | 10:15 PM

COLOMBO (News 1st) - ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගය, කඩුලු 8කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව අද සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයට 
පන්දුවාර 34යි පන්දු 8ක් අවසානයේ සියලුදෙනා දැවී  ලබාගත හැකි වූයේ ලකුණු 108ක් පමණි.

ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දියාව පන්දුවාර 20යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ලකුණු 18කට කඩුලු 3ක් දවාගත් මොහොමඩ් ශාමි තරගයේ වීරයා බවට පත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.