.webp)
එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තම සභාපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු වාර්තා කර ඇති බවය.
විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් මත එම දැනුම් දීම සිදුකර ඇතැයි ඔහු පැවසුවේ ය.
එම නිලධාරියා අනාවරණ කළේ, මුදල් නොගෙවීම හමුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දීම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළේ, අදාළ කාලසීමාවේ දෛනික විදුලිය කප්පාදුව රාත්‍රී 7.00 න් පසු සිදු නොකරන ලෙසයි.