English
தமிழ்
කර්තෘ Staff writer
21 Jan, 2023 | 8:40 pm
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ මෙරට සංචාරයේදී දෙරට අතර දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාවලදී මූලික අවධානයක් යොමුවූ කරුණූ මොනවාද ?
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූලික කර ගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවාධනයක් යොමූ වූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
මෙම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි අයත්ද?
විදේශ කටයුතු අමාත්‍යවරයාට අනුව එම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය ඇතුළත් බව ඔහු සඳහන් කළේ ය.
නමුත් මේ පිළිබඳ කිසිදු ගිවිසුම් ගතවීමක් මේ වනතෙක් සිදුකර නොමැති බව අලි සබ්‍රි මහතා අවධාරණය කළේ ය.
මේ අතර ආචාර්ය එස්. ජයශංකර් මහතා රේඛීය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වන විශේෂ හමුවක් අතරතුර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා කළ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.
අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටක් අවධාරණය කළේ අදාළ සාකච්ඡාවලදී ත්‍රිකුණාමලය බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවට යෝජනා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.
ඉන්දීය මාධ්‍ය කියන්නේ මොනවාද?
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ නිල සංචාරය පිළිබඳව ඉන්දීය මාධ්‍යද තොරතුරු රැසක් වාර්තා කර තිබේ.
දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව තුළ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පොරොන්දු වී ඇති බව ද හින්දු වාර්තා කර තිබේ.
අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති දූපත් 03ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිළිබඳව මෙම සංචාරයේදී සාක්ච්ඡා කර ඇති බව හින්දු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා සහ ආර්. සම්බන්ධන් මහතා අතර සාකච්ඡා වුණේ මොනවාද?
ආර්. සම්බන්ධන් මහතා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, මෙහිදි 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා වූ බවය.
මේ අතර එස්. ජයශංකර් මහතා ඊයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ද අවධාණය කළේ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමත් ඉතා වැදගත් බවය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS