පුංචි ඡන්දයට ඇප භාර ගැනීම දහවල් 12න් අවසන්...

පුංචි ඡන්දයේ ඇප භාර ගැනීම දහවල් 12න් අවසන්...නාමයෝජනා භාර ගැනීම හෙටින් අවසන්

by Staff writer 20-01-2023 | 1:34 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අද දහවල් 12 ට අවසන් විය.

මැතිවරණ කොමිසම පැවසුවේ, මේ වන විට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ   නාම යෝජනා භාර ගැනීමද හෙට දහවල් 12 න් අවසන් වේ. 

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදා අවසන් වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

අදත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඇප මුදල් තැන්පත් කිරීම හා නාමයෝජනා භාර දීම සිදු කළේ ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයනත සඳහා නාම යෝජනා භාර දීම ද අද සිදු කළේ ය. 

ඒ අනුව කළුතර දිස්ත්‍රීක්කයේ නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 6 වශයෙන් පළාත් පාලන ආයතන 08 කට නාම යෝජනා භාර දුන්නේ ය. 

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.