නිව්යෝර්ක් හී ගෑස් විදුලි හිඟ මුදල් කපා හරියි

නිව්යෝර්ක් වැසියන්ට කොරෝනා නිසා ගෙවන්න බැරි වුණ විදුලි,ගෑස් හිඟ මුදල් කපා හැරේ

by Staff writer 20-01-2023 | 1:18 PM

COLOMBO ( News 1st ) - කොරෝනා වසංගතය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ගෙවීමට අපොහොසත් වූ ඩොලර් මිලියන 672ක් වටිනා විදුලි සහ ගෑස් බිල්පත්වල හිඟ මුදල් කපා හැරීමට නිව්යෝක් බලධාරීන් තීරණය කර තිබේ. 

නිව්යෝක් බලධාරින් එම තීරණය ගෙන ඇත්තේ, පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණෙනි. 

මේ හරහා හිඟ මුදල් ගෙවීමට තිබූ පාරිභෝගිකයින් ලක්ෂ 5කගේ පමණ සහ කුඩා ව්‍යාපාර හිමියන් 56,000කගේ මෙතෙක් නොගෙවූ බිල්පත් කපා හැරීමට නියමිතයි. 

ඒ අනුව බිල්පත් ගෙවීමේ අපහසුතා තිබූ එම පුද්ගලයින්ට අඛණ්ඩව ගෑස් සහ විදුලි පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.