ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයට බලපෑම්..

දැඩි ශීත කාලගුණයෙ ඇෆ්ගනිස්ථානයේ මිය ගිය සංඛ්‍යාව 78 ක් දක්වා ඉහළට

by Staff writer 20-01-2023 | 7:13 AM

COLOMBO ( News 1st ) - දැඩි ශීත කාලගුණය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටට වසර 15 කින් ඇතිවුණු දරුණුතම ශීත සෘතුව මෙය බව ය. 

ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 34 ක් ලෙස සටහන් වී ඇති අතර මෙම තත්ත්වය හමුවේ එරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල කරමින් ගොවිපළ සත්ත්වයින් 77, 000ක් පමණ මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය. 

ඒ , ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට යටත්ව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකදී ය.  

ඉදිරි දින කිහිපය තුළ දී තත්ත්වය තවත් දරුණු විය හැකි බැවින් විපතට පත් පුද්ගලයින්ට මානුෂීය ආධාර සැපයීම පිළිබඳව ගෝලීය අවධානය යොමු විය යුතු බව ඇෆ්ගන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.